මෙවර රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ හොදම ප්රවෘත්ති නිවේදකට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්රවෘත්ති නිවේදක සහන් උඩුවවිදාන ඇගයීමේ උලෙළක් ඔහුගේ ගම් ප්‍රදේශය වන බියගමදී පැවැත්වුණා.
පට්ටිවිල ශ්‍රී ශෛලාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය බැරගම අරියදේව ස්වාමීන්වහන්සේගේ අනුශාසනා මතයි මෙම ඇගයීම් උලෙළ සංවිධාන කෙරුණේ. ගම් ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී සහන් උඩුවවිදාන පිළිගැනීමේ කෙටි උත්සව කිහිපයක් පැවැත්වුණු අතර ප්‍රධාන උත්සවය ශ්‍රී ශෛලාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වුණා. විහාරස්ථානයට ඔහු රැගෙන එනු ලැබුවේ රථ පෙළපාලියකින්. සහන් උඩුවවිදාන අධ්‍යාපනය ලැබූ හා ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන දහම් පාසලේදී මෙම ඇගයීම් උත්සවය පැවැත්වුණා.