fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2020 බීජිං ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2020 13:10

විස්සයි විස්ස බීජිං ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනය ඊයේ දිනයේදී බීජිං නුවරදී ආරම්භ වුණා.

වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ප්‍රදර්ශනය මෙයයි. ප්‍රදර්ශනය නැරඹීම සදහා සහභාගී වීමට අවසර ඇත්තේ ඉතාම සීමිත සංඛ්‍යාවකට බව සංවිධායකයින් පවසනවා. වර්ග මීටර් ලක්ෂ දෙකක වපසරියක මෝටර් රථ නිෂ්පාදන සමාගම් විසින් නව නිෂ්පාදන 785 ක් ප්‍රදර්ශනයට එක් කර ඇති බවයි වාර්තා වන්නේ. ඉන් 82 ක් පළමුවරට  හදුන්වා දෙන මෝටර් රථ වන අතර 36 ක් ආකෘති නිෂ්පාදනය හා 160 ක් නව බලශක්ති යොදා ගනිමින් ධාවනය වන මෝටර් රථ වනවා. මෙම ප්‍රදර්ශනයේදී නව මෝටර් රථ තාක්ෂණය ලොවට හඳුන්වා දීමක්ද සිදු වන බවයි මොටර් රථ නිෂ්පාදන සමාගම් සදහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2020 13:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්