රුපියල් ලක්ෂ 400 ක වටිනාකමින් යුතු රත්රන් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලිසිය සමත්වුණා. පුත්තලම දළුව ප්රදේශයේදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුවණේ. සැකකරු යතුරුපැදියකින් රත්රන් ප්රවාහනය කරමින් සිටියදී මෙම අත්අඩංගුවටගැනීම සිදුකළ බව පොලිසිය සඳහන් කළා. අත්අඩංගුවට ගත් රත්රන් ප්රමාණය කිලෝග්රෑම් හතරහමාරක්. මුහුදු මාර්ගය ඔස්සේ එම රත්රන් ඉන්දියාවට රැගෙන යාමට සැලසුම්කර තිබූ බවයි විමර්ශනවලදී හෙළිවුණේ.
මේ අතර මඩු පොලිස්වසමේ සින්නවලයන්කට්ටු ප්රදේශයේ සිදුකළ මෙහෙයුමකදී වෙඩි බෙහෙත් කොටන තුවක්කු නිශ්පාදනාගාරයක් වටලා එහි සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් එම අවි සෑදීමට භාවිත කරන ලී අච්චු තුනක් , යකඩ බට 3ක් , ග්රිල් කටු, ඊයම් කොළ ඇතුළු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.