ජගත් සංචාරක දිනය වෙනුවෙන් රුහුණු සංචාරක ආයතනය සහ ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමය තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සමග එක්ව රුක්රෝපණ වැඩසටහනක් සංවිධාන කර තිබුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.
තිස්සමහාරාම වැව් තාවුල්ලේ කුඹුක් සහ මී පැල රෝපණය කිරීමට පාසල් දරු දැරියන් සමග අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද එක්වුණා. සමාජ මාධ්‍ය සහ පුවත්පත්වලින් මෙරට පරිසර විනාශය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශවලින් අති බහුතරයක් අසත්‍ය බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.