fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

55 වන යුද හමුදා මාර්ග ධාවන තරගය පැවැත්වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2020 16:18

55 වන යුද හමුදා මාර්ග ධාවන තරගය අද (26) පැවැත්වුණා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මූලිකත්වයෙන්.

මාර්ග ධාවන තරගය ආරම්භ කෙරුණේ පැලවත්ත යුද හමුදා මූලස්ථානය අසලින්. බත්තරමුල්ල මාලඹේ අතුරුගිරිය පසුකොට පනාගොඩ යුද හමුදා කදවුර දක්වා ධාවන තරගය ක්‍රියාත්මක කෙරුණා. මෙහි පළමු ස්ථානය හිමිවූයේ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කේ සම්මුගේෂ්වරන්ටයි.

පිළිවෙලින් දෙවන හා තුන්වන ස්ථාන සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් එස් එම් ගුණසේකර හා ගැමුණු හේවා රෙජිමේන්තුවේ කෝප්‍රල් ජී එම් එස් ආර් විජේවික්‍රම දිනාගත්තා.

කාන්තා අංශයේ ශූරතාව හත්වන බලකායේ සෙබල ඩබ්ලිව් එම් හේරත් දිනාගත් අතර දෙවන ස්ථානය පස්වන රෙජිමේන්තුවේ සෙබල පී එම් එස් සෙව්වන්දි හිමිකර ගත්තා. තුන්වන ස්ථානයට පත්වුයේ සංඥා බලකායේ සෙබල එම් ජී කේ කේ සුගතපාලයි.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2020 16:18

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්