fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රොහාගේ ඝාතනයට සැමරුම් උත්සව කරන සියලුදෙනා අත්අඩංගුවට ගන්නා බව පොලීසිය කියයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2020 08:59

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු අංජු නැමැත්තාගේ සහෝදරිය ඇතුලු හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ගොනාකෝවිලේ රොහා හෙවත් හැරල්ඩ් රෝහණ ද සිල්වා ඝාතනය සැමරීමට කටයුතු කරමින් සිටි බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ.

ගොනාකෝවිලේ රොහාගේ ඝාතනය සම්බන්ධයෙන් සැමරුම් පවත්වන ඕනෑම අයෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප‍්‍රකාශ කළා.

ගොනාකෝවිලේ රොහා වෙඩි හුවමාරුවකින් ඝාතනයට ලක්වුණේ පසුගිය 23 වනදා. ඒ ට්‍රෝලර් යාත‍්‍රාවකින් ඉන්දියාවට පැනයාමට සූදානම්ව සැඟව සිටියදී.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2020 08:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්