පොල් ගෙඩියක් අළෙවි කළ හැකි උපරිම මිලක් දක්වමින් පාරිභෝගික අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
වට ප්රමාණය අඟල් 13 ට වැඩි පොල් ගෙඩියක් අළෙවි කළ හැක්කේ රුපියල් 70 කට. අඟල් 12 ත් 13 ත් අතර වට ප්රමාණයකින් යුත් පොල් ගෙඩියක් රුපියල් 65 කට අළෙවි කළ හැකි බව එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
වට ප්රමාණය අඟල් 12 ට අඩු පොල් ගෙඩියක් රුපියල් 60 කට අළෙවි කළයුතු බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ.
කිසිදු නිෂ්පාදකයෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු මෙම මිලට වඩා පොල් අළෙවි නොකළයුතු බව ද එම ගැසට් පත්රයේ සඳහන් වනවා.