රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කළ බවට චෝදනා ලබා සිටි කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව ගොනුකළ නඩුවේ විභාග කටයුතු අවසන් කිරීමට කොළඹ මහා අධිකරණය අද තීන්දු කළා. ඒ ආනන්ද සමරසේකර මහතා මේ වන විට මිය ගොස් ඇති බැවිනුයි.
නඩුව කොළඹ මහ අධිකරණයේ අද කැඳවූ අවස්ථාවේ ආනන්ද සමරසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයා මිය ගොස් ඇති බව තහවුරු කෙරෙන මරණ සහතිකය අධිකරණයට ඉදිරිපත් කළා. එය අධිකරණය පිළිගැනීමෙන් පසුවයි මෙම නඩු කටයුතු අවසන් කිරීමට තීන්දු කෙරුණේ. වසීම් තාජුදීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය භාරයේ පැවති අස්ථි කොටස් කිහිපයක් අස්ථාන ගත කරමින් සාක්ෂි වසන් කළ බවට චෝදනා කරමිනුයි ආනන්ද සමරසේකර මහතාට එරෙහින නඩුව ගොනු කර තිබුණේ.