ජපානය දැවැන්ත රොබෝවක් අත්හදා බලයි
Related Articles
අඩි 60 ක් පමණ උස, ටොන් 24 ක් පමණ බර දැවැන්ත රොබෝවක් ජපාන සමාගමක් නිර්මාණය කර තිබෙනවා. එම රොබෝ යන්ත්‍රය සජීව මිනිසෙක් මෙන් ජපාන මාර්ගයක ඇවිද ගිය ආකාරය දර්ශනය වූයේ මේ ආකාරයෙන්.
ජපානයේ යොකොහාමා නගරයේදීයී මෙම නව නිපැයුම අත්හදා බලා තිබෙනවා. රොබෝ යන්ත්‍රය අන්අයට ආචාර කරමින් ඇවිද යන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. වානේ සහ කාබන්, ෆයිබර්, ප්ලාස්ටික් මිශ්‍රණයක් යොදා ගනිමින් නිර්මාණය කළ කොටස් 200 ක් පමණ එක්කොට සාදා ඇති රොබෝ යන්ත්‍රය සියල්ල මවිත කර ඇත බවයි වාර්තා වන්නේ.