රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ පරිපාලන වශයෙන් දේශපාලන පලිගැනීමට ලක් වූ සේවකයින්ට සහන සළකා බැලීමේ කමිටුව රාජකාරී ආරම්භ කළා.
වසර 2015, 2019 කාලය තුළ රාජ්‍ය සේවයේ සිදු වූ දේශපාලන පලිගැනීම් පිලිබද සොයා බැලීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කළ කමිටුවේ සභාපතිත්වය දරන්නේ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතායි. විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයකු වූ මහින්ද සෙනෙවිරත්න, විශ්‍රාමික අතිරේක අධ්යක්ෂ ජෙනරාල්වරයකු වූ ආරියරත්න ආරියප්පෙරුම, නීතිඥ චතුරිකා විජේසිංහ යන මහත්ම මහත්මීන් කමිටුවේ සෙසු සාමාජිකයින් වනවා. කමිටුව වෙත ලැබුණ පැමිණිලි පරික්ෂා කිරීම බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පරිශ්‍ර අංක 02 හිදී ආරම්භ කෙරුණා. කමිටුව වෙත මේ වන විට ලැබී ඇති අභියාචානා සංඛ්‍යාව 6952 ක්. ඉන් 2365 ක් සෘජුවම එම කමිටුව වෙත ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/FS7GpPTyoTY”]