නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමඟ අත්වැල් බැඳගනිමින් ඉදිරිපත් කරනු ලබන ගමට දැනුම දේශන මාලාව අද ආරම්භ වුණා. පෞරුෂ වර්ධනය සහ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙනුයි මෙම දේශන මාලාව පැවැත්වෙන්නේ.
දේශන මාලාවේ පළමු වැඩසටහන අද පැවැත්වුණේ පොල්පිතිගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදීයි. දහසකට අධික පිරිසක් එම වැඩසටහනට එක්ව සිටිනවා. නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනයේ සභාපති ප්‍රවීණ දේශක චූලන් රත්නායක මහතායි දේශනය මෙහෙයවන්නේ. මෙම සියලු දේශන නොමිලේ පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/WEzhIJ2uI6c”]