fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාතලේ දිස්ත්‍රික්කය තුළ කළ වැටලීමකදී සැකකරුවන් 379 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2020 09:04

මාතලේ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන දහයක් ආවරණය වන පරිදි කළ වැටලීමකදී සැකකරුවන් 379 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිවිරෝධීව මත්පැන් ළග තබා ගැනීමේ චෝදනා යටතේ සැකකරුවන් නව දෙනෙකු හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ චෝදනා යටතේ සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත්තා. බීමත් රියදුරන් දස දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් එකොළොස් දෙනෙකුද මෙම මෙහෙයුමේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙවැනි වැටලීම් අඛණ්ඩව ඉදිරියේදී සිදු කරන බවයි මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2020 09:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්