fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආර්ක්ටික් කලාපය පුරා අයිස් තට්ටුව ශීඝ්‍රයෙන් දිය වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2020 16:07

ආර්ක්ටික් කලාපය පුරා පවත්නා අයිස් තට්ටුව ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතින බව නවතම පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

දශක හතරකට පසු ආර්ක්ටික් කලාපය පුරා පවතින අයිස් තට්ටුව අඩුම ඝනකමකට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ. පසුගිය 15 වනදා වන විට අයිස් තට්ටුවේ වපසරිය වර්ග කිලෝමීටර් මිලියන තුනයි දශම හතයි හතරක් දක්වා අඩු වී ඇති බව චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබා ගත් ඡායාරූප ඔස්සේ තහවුරු වී තිබෙනවා. ආර්ක්ටික් කලාපයේ ඇති අයිස් තට්ටුව 2012 වසරෙන් පසු  වර්ග කිලෝමීටර් මිලියන හතරට වඩා අඩු වූ දෙවන අවස්ථාව මෙයයි. ජුලි මාසයේ හටගත් උෂ්ණ තරංග ආර්ක්ටික් කලාපයේ අයිස් ශීඝ්‍රයෙන් ක්ෂය වී යාමට හේතු වී ඇති බවටයි මත පළ කෙරෙන්නේ. ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාමට ද මෙය හේතු වී තිබෙනවා. මානව ක්‍රියාකාරකම් නිසා ඇති වූ කාලගුණික විපර්යාස හේතුවෙන් පරිසර උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම ඉදිරි කාලයේදී භයානක තත්ත්වයක් ඇති කිරීමට ඉඩකඩ ඇති බවට පර්යේෂකයින් අනාවැකි පළ කරනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2020 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්