හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පාස්කු ප්රහාරය පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම වෙත අද (22) පෙරවරුවේ පැමිණියා.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන ආකාරය නිරීක්ෂණය කිරීම සදහා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එම කොමිසම වෙත පැමිණි බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සාක්ෂි ලබාදීම සදහා කොමිසම වෙත පැමිණ සිටින අතර එම සාක්ෂි ලබා දෙන අයුරු හිටපු ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වෙනු ඇති.