fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ ඉඩමකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2020 09:39

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ ඉඩමක තිබී කිලෝග්‍රෑම් පහළොවක් බර පීඩන බෝම්බ තුනක් සමඟ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

එල්ටීටීඊ සංවිධානයට අයත් බංකරයක් වැනි ස්ථානයක තිබී සොයාගත් මෙම බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය  නිෂ්ක්‍රීය කිරීමටයි කටයුතු කෙරුණේ. මිලිමීටර් අසූවේ මෝටාර් උණ්ඩ හතක්, ඩෙටනේටර් හා බෝම්බ පිපිරවීමට යොදා ගන්නා ෆියුස් විශාල ප්‍රමාණයක් එහි තිබී සොයාගෙන තිබෙනවා. මුලතිව් අධිකරණයේ නියෝග මත පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රිය අංශය මගින් මෙම පුපුරණ ද්‍රව්‍ය පුපුරුවා හරිනු ලැබුවා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2020 09:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්