පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුණා.
නිරීක්ෂණ චාරිකාව අරඹමින් ජනාධිපතිතුමා මදුරන්කුලිය වාලච්චේන වතුයායේ ක්‍රියාකාරකම් විමසා බැලුවා. අක්කර නවසීයක භූමි ප්‍රදේශයක පොල් එළවළු ඇතුළු බෝග කිහිපයක්ම වගාකර තිබෙනවා. අක්කර දහයක භූමි භාගයක සාර්ථකව සිදු කරගෙන යන ආදර්ශ මිදි වගාව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඇගයීමට ලක්වුණා.
ඉතාලි රජයෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පාණන්ට ලැබුණ පරිත්‍යාගයකින් ඉදිකළ මදුරන්කුලිය කෘෂි තාක්ෂණ ආයතනය ද විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතින්. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දරු දැරියන් පුහුණු කිරීමට මෙහි වැඩි අවස්ථාව සලසන බවයි කාදිනල් හිමිපාණන් මෙහිදී සඳහන් කළේ. පුහුණු මධ්‍යස්ථානයේ පියතුමන් සමඟද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත වුණා.
මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලය වෙත ජනාධිපතිතුමා පැමිණියේ ඉන් අනරතුරුවයි.එහදී සිසු දරු දැරියන් සමඟ පිළිසදරෙහි යෙදෙමින් මද වේලාවක් ගත කිරීමට ජනාධිපතිතුමා කටයුතු කළා. විද්‍යාලයේ ක්‍රීඩාංගනය ඉදිකර දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම යුද හමුදාපතිවරයාට දැනුම්දුන් ජනාධිපතිතුමා කඩිනමින් එය ඉදිකරදෙන ලෙසට ද උපදෙස් ලබා දුන්නා. මාර්ගයේ අනෙක් පස පිහිටි ප්‍රාථමික විද්‍යාලය සම්බන්ධ කරමින් ගුවන් පාලමක් සකසා දෙන ලෙස ජනාධිපතිතුමා මහා මාර්ග අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන්නා. මාර්ග දුෂ්කරතා ඇතුළු ජනතා ගැටළු කිහිපයකට සවන් දුන් ජනාධිපතිතුමා කඩිනමින් ඊට විසදුම් ලබාදීමට ද පියවර ගත්තා.
මදුරන්කුළිය වාලච්ඡේන සිට දළුව ප්‍රදේශයට ගමන්ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මග දෙපස රැස්ව සිටි ජනතාව සමඟ සුහද කතා බහක නිරත වුණා. බීට් , දුම්කොළ , අමු මිරිස් හා ලූණු වගාබිම් නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා වගාකටයුතු සඳහා ගොවි ජනතාව දිරිමත් කළා. දළුව නිර්මලපුර සුළං විදුලි බලාගාරයද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වූ අතර අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න මහතා ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියා.