fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IPL කි‍්‍රකට් තරඟාවලිය අද සිට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2020 09:36

ඉන්දිය පි‍්‍රමියර් ලීග් හෙවත් IPL තරඟාවලිය අද (19) රාති‍්‍ර 7.30 ට ආරම්භ වනවා. ඒ අබුඩාබි ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගණයේදි.

රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කන්ඩායම සහ මහේන්ද්‍ර සිංදෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම අතරයි පළමු තරඟය පැවැත්වෙන්නේ. ගිය වසරේ ශූරතාවය දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කන්ඩායම පසුගිය වසර 13 තුළ අවස්ථා හතරකදි ශූරතාවය ලබාගෙන තිබීම විශේෂත්වයක්.

එහි පුහුණුකරු ලෙස ශ්‍රී‍්‍ර ලංකා හිටපු කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන කටයුතු කරනවා. චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම ද අයිපිඑල් ශූරතාවය අවස්ථා තුනකදී ජයග‍්‍රහණය කිරිමට සමත් වුණා.

අයිපිඑල් ඉතිහාසයේ ශූරයින්ට පිරිනැමෙන වැඩිම මුදල් ත්‍යාගය මෙවර ලබාදීම විශේෂත්වයක්. මෙවර සමස්ත ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 7.2ක් බවයි කි‍්‍රකට් වාර්තා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2020 09:36

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්