බොලීවියාවේ වැඩබලන ජනාධිපති ජෙනින් ඇනෙස් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව අද (18) නිවේදනය කළා.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමෙන් වැළකී සිටීමට තමා තීරණය කළේ ඒ සදහා ඉදිරිපත්වන අනෙකුත් තරගකරුවන් ශක්තිමත් කිරීමට බවයි ඇය මාධ්‍ය හමුවේ පවසා සිටියේ. පසුගිය වසරේ උද්ගතවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ එවකට ජනාධිපති එවෝ මොරාලෙස් ජනාධිපති ධුරයෙන් ඉවත් වූ අතර ඔහු දැනට ආර්ජන්ටිනාවේ දේශපාලන රැකවරණය යටතේ පසුවනවා.
පුරප්පාඩු වූ ජනාධිපති තරනතුරේ වැඩබැලීම සදහා ජෙනින් ඇනෙස් තෝරා ගැනීමටයි සෙනෙට් සභාව පියවර ගත්තේ. බොලීවියාවේ ජනාධිපතිවරණය එළඹෙන මාසයේ දී පැවැත්වීමට නියමිතයි.