බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීම හේතුවෙන් ධීවර රැකියාවේ නිරතවූවන්ට මුහුදු යෑමෙන් වළකින ලෙස අවධාරණය කෙරෙනවා.
මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලටත් මාතර දිස්ත්‍රික්කයටත් මිලිමීටර් සියය ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව තවදුරටත් පවසන්නේ.