fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධීව අනායනය කළ විශාලතම කහ තොගය අල්ලයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2020 10:30

මෙරටට නීතිවිරෝධීව අනායනය කළ විශාලතම කහ තොගය බූලුමැන්ඩල් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ප්‍රමාණය කිලෝග්‍රෑම් තිස්තුන් දහසක්.

පොලීසියට ලද තොරතුරකට අනුවයි බූලූමැන්ඩල් ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක අඩි 40 ක් දිග කන්ටේනර් තුනක තිබී මෙම කහ තොගය සොයාගෙන ඇත්තේ. මීට අමතරව මෙම කන්ටේනර් තුළ තිබී උඳු කිලෝ 3,000ක් ද  වීදුරු තොගයක් ද සොයාගෙන තිබෙනවා. මෙම නීතිවිරෝධී කහ තොගය ඩුබායි රාජ්‍යයේ සිට මීට දින තුනකට පෙර ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බවයි හෙළිව ඇත්තේ.

මට්ටක්කුලිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් රිස්වි නමැත්තා මෙම භාණ්ඩ තොගය ආනයනය කර ඇති අතර ඔහු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2020 10:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්