fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිවාස ණය සහන ඇතුළු ජනතාවට සෘජුව බලපාන තීරණ රැසකට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2020 19:39

නිවාස ණය සහන ඇතුළු ජනතාවට සෘජුව බලපාන තීරණ රැසකට කැබිනට් අනුමැතිය හිමිවුණා. අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මෙම තොරතුරු හෙළිකෙරුණා.

විදේශ ගමන් බලපත්‍ර සහ රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවුණා.

දේශීයව වගාකළ හැකි හෝ නිෂ්පාදනය කළ හැකි අත්‍යවශ්‍ය නොවන සියලු දේ ආනයනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. තෝරාගත් භාණ්ඩ පමණක් ආනයනයට ඉඩ සැලසීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණයකර ඇත්තේ.

තරුණ වරදකරුවන් පිළිබද ආඥා පනත සංශෝධනයට රජය තීරණය කළා. ඒ අනුව අදාළ වයස 16 සිට 18 දක්වා ඉහළ නැංවෙනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2020 19:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්