fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොඩි ලැසී යළි ගාල්ල බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2020 19:20

පාතාල කල්ලි සාමාජිකයෙකු වූ තෙල්වත්තේ පොඩි ලැසී හෙවත් ජනිත් මධුසංක බලපිටිය අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

හෙරොයින් සම්බන්ධ නඩුවක් වෙනුවෙනුයි ඔහු මෙසේ පොලිස් ආරක්ෂා මධ්‍යයේ අධිකරණයට රැගෙන ඒනු ලැබුවේ.

නඩුවට අදාළව ඇප ඉල්ලා මෝසමක් ගොනු කර තිබූ අතර ඇප ලබා ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් පොඩි ලැසී යළි ගාල්ල බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා.

රත්ගම ප්‍රාදේශීය සබාවේ සභාපතිවරයා ඝාතනය ඇතුළු මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් පොඩි ලැසී චෝදනා ලැබ සිටිනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2020 19:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්