fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශානි ඇතුළු තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2020 19:13

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනා යළි රක්ෂිත බන්ධනාගරගත කිරීමට අධිකරණය නියෝග කළා.

ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවට ඉදිරිපත් කෙරුණා. ඒහිදී සැකකරුවන් තුන්දෙනා ලබන මස ‌02 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

මෙම නඩුවේ දෙවන සැකකරු වන්නේ ඇඹිලිපිටිය පොලීසියේ‌ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක්. තුන්වන සැකකරුවන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මේ වන විට රටින් පලා ගොස් සිටිනවා. සිව්වන සැකකරු නීතිඥවරයෙකු මාර්ගයෙන් පසුගියදා අධිකරණයට භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2020 19:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්