fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අංගොඩ ලොක්කාගේ ලේ බිදක් හොයන්න මහන්සිවෙන ඉන්දියාව

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2020 19:05

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ අංගොඩ ලොක්කා හෙවත් ලසන්ත චන්දන පෙරේරා පිළිබදව ඉන්දීය මාධ්‍ය අද විශේෂ හෙළිදරව්වක් සිදුකළා. එම මාධ්‍ය ප්‍රකාශ කළේ ඩී එන් ඒ පරීක්ෂණය සදහා අංගොඩ ලොක්කාගේ ළගම ලේ ඥාතීන්ගෙන් ලේ සාම්පල ලබා ගැනීමට ඉන්දීය විශේෂඥ කණ්ඩායමක් දිවයිනට පැමිණ සිටින බවයි.

ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේ අංගොඩ ලොක්කා බවට සැක කරන පුද්ගලයා මියගොස් ඇත්තේ විෂ ශරීර ගතවීමකින් නොව ස්වභාවික හෘදයාබාධයකින් බවයි. කෙසේ වෙතත් එසේ මියගිය පුද්ගලයා අංගොඩ ලොක්කාමද යන්න පිළිබද සනාථ කිරීම සදහා අදාළ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුකෙරෙනවා.

පසුගිය කාලයේ අංගොඩ ලොක්කා ඉන්දියාවට පැනගොස් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ව්‍යාපාරිකයෙකු ලෙස වෙස් වලාගෙන ජීවත්ව ඇති බවට ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. එසේ සිටියදී විෂ ශරීර ගතවීමකින් ඔහු මියගිය බවත් ඒ සම්බන්ධයෙන් අංගොඩ ලොක්කාගේ ඉන්දීය ජාතික අනියම් බිරිද, ඊට උදව් කළ නීතිඥවරිය සහ මිතුරෙකු ඉන්දීය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර තිබුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2020 19:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්