fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිය දැඩි කළත් ඉවරයක් වෙන්නැති නවකවදය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2020 19:06

නවක වදය යනු අතීතයේ සිටම අපේ රටේ උසස් අධ්‍යාපන හදාරන දරුවන්ගේ ජීවිතවලට  කඩා වැටුණු අදුරු සෙවණැල්ලක්. මේ අදුරු සෙවණැල්ල නිසා  මෙරට උසස් අධ්‍යාපනයට ඇති වූ කලු පැල්ලම අති විශාලයි.

එවැනි තත්ත්වයක් යටතේ තවත් නවක වද සිද්ධියක් පිළිබදව යාපනය විශ්ව විද්‍යාලයෙන් වාර්තා වුණා. නවීන තාක්ෂණයේද සහය ඇතිව සිදු කෙරුණු මේ නවකවදය සම්බන්ධයෙන් මේ වන විටත් බුද්ධි අංශ ඔස්සේ පරීක්ෂණ සිදු කරන බවයි අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී අනාවරණය වුණේ.

වට්ස්ඇප් හා ෆේස්බුක් යන සමාජ මාධ්‍ය හරහා යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක්  නවක වදය ට ලක් කරමින් දැඩි ලෙස පීඩාවට පත් කිරීමේ සිදුවීමක් පිළිබදව තොරතුරු වාර්තා වී තිබෙනවා. මෙහිදී පළමු වසර සිසුන් ප්‍රධාන ඉලක්කයක් වී ඇති අතර ජ්‍යෙෂ්ඨ සිසුන් පළමු වසර සිසු සිසුවියන්ට ලිංගික ක්‍රියාකාරකම්වල නියලෙන ලෙස දැනුම් දී තිබෙන බවත් එවැනි දර්ශන ඡායාරූප ගතකොට වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ තමන් වෙත එවන ලෙසටත් දන්වා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව සදහන් කරන්නේ.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණා. (වීඩියෝව පහතින්…)

දීර්ඝ කාලයක් තිස්සේ මෙරට විශ්ව විද්‍යාල තුළ සිදුවන මෙම ක්‍රියාදාමය හේතුවෙන් ජීවිත කිහිපයක්ම රටට අහිමි වී තිබෙනවා. පිටරටක ගොස් හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් අධ්‍යාපනය  ලබන්නට අත මිට මුදල් නැති අහිංසක දෙමව්පියන්ගේ අහිංසක දරුවන් දහස් ගණනක් මෙරට විශ්ව විද්‍යාල වලට ඇතුල් වන්නේ බලාපොරොත්තු රැසක් හිතේ රදවාගෙන. නමුත් නවක වදය නමැති මේ අදුරු සෙවණැල්ල නිසා අද වන විට ඇතැම් දෙමව්පියන් තම දරුවා විශ්ව විද්‍යාලයට ඇතුලත් කිරීමට පවා බිය වූ අවස්ථා අපට මාධ්‍ය ඔස්සේ අහන්නට දකින්නට ලැබුණා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ වාර්තා වලට අනුව නවක වද හේතුවෙන් පසුගිය වසර දෙක තුළ විශ්ව විද්‍යාල හැරගිය සිසුන් සංඛ්‍යාව 1989 ක් ලෙස සදහන් වනවා. මෙරට නීතියට අනුව නවක වදය සපුරා තහනම්. යම් පුද්ගලයෙකු නවක වදයට මුහුණ දුන්නේ නම් ඔහුට හෝ ඇයට 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වද සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත යටතේ අධිකරණයේ පිහිට පැතීමේ හැකියාව තිබෙනවා. නමුත් අවසනාවන්ත කරුණ වන්නේ මෙම නීතිය පිළිබදව විශ්ව විද්‍යාල සිසුන් හෝ ඔවුන්ගේ දෙමාපියන් තවමත් නොදැන සිටීමයි.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2020 19:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්