fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් විදෙස් ගත ශි‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් පිරිසක් දිවයිනට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2020 09:47

ඕමානයේ රැකියා සඳහා ගොස් සිටි ශි‍්‍ර ලාංකිකයන් 290 දෙනෙක් ඊයේ (16) රාති‍්‍රයේදී දිවයිනට පැමිණ තිබෙනවා. පී සී ආර් පරික්ෂණවලින් අනතුරුව ඔවුන් නිරෝධායනයට යොමු කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

අද (17) උදෑසනද දෝහා කටාර් සහ චෙන්නායි සිට පුද්ගලයන් පිරිසක් පැමිණ තිබෙනවා.

මේ වන විට නිරෝධායනය අවසන් කළ පිරිස 41821 ක්. මධ්‍යස්ථාන 59 ක පුද්ගලයන් හයදහස් දෙසිය හැත්තැ දෙනෙක් රැදී සිටිනවා.

ඊයේ (16) දිනය තුළ පමණක් පී සී ආර් පරික්ෂණ 1690ක් සිදුකළ බවයි කොවිඩ් නයින්ටීන් පැතිරිම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2020 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්