fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

19 කට තුවාල සිදු කළ කොළඹ රත්නපුර මාර්ගයේ බස් අනතුර [CCTV]

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2020 19:58

කොළඹ රත්නපුර මාර්ගයේ පුස්සැල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් දහනව දෙනෙකු තුවාල ලැබුවා.

බලංගොඩ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් වෙනත් වාහන කිහිපයක් පසුකර යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහන බස් රථයක ගැටී අනතුර සිදු වුණා. ඉන් කාර්යාල බස් රථයේ ගමන් ගත් දහනව දෙනෙකු තුවාල ලැබූ අතර ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිසිය සදහන් කළේ. අදාළ අනතුර ආරක්ෂක කැමරාවක මේ අයුරින් සටහන් වී තිබුණා. තුවාලකරුවන් සියලු දෙනා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ සබරගමු පළාත් සභාවේ සේවකයින් වන අතර ඔවුන්ගේ තත්ත්වය සොයා බැලීමට පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා කටයුතු කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2020 19:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්