බොහෝ පිරිසකට රිමාන්ඩ් බන්ධනාගාරයේ වැඩි කාලයක් සිටීමට සිදුව ඇත්තේ රස පරික්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. මේ හේතුවෙන් රස පරික්ෂක වාර්තා කඩිනමින් ලබා ගැනීම සදහා අවශ්‍ය කාර්ය මණ්ඩල වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවර ගෙන ඇති බවයි ඇය කියාසිටින්නේ.
දුම්බර – බෝගම්බර නව බන්ධනාගාරයේ හා බෝගම්බර පැරණි බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව කියාසිටියා. රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින කිසිවෙකුත් වැඩබිම්වලට යොමු කිරීමට නීතියෙන් ඉඩක් නැති බැවින් එය තරුණ ශ්‍රමය අපතේ යාමක් බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මෙම අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ද එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/bgIlOqUemJs”]