fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොල් මිල ඉහළ යාමට හේතුව මෙන්න

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2020 19:53

මේ දිනවල පොල් මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් මැසිවිලි නගනවා. මෙසේ පොල්මිල ඉහළ යාමට ඊට අදාළ සියලු ආයතන වග කිව යුතු බවයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසන්නේ.

කෙසේ වුවද පොල් මිල ඉහළ යාම වළක්වා ගැනීමට රජය ක්‍රමවේද කිහිපයක් අනුගමනය කර ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුරේකා අත්තනායක මහත්මිය පවසනවා.

මේ දිනවල වෙළෙදපොලේ පොල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

පොල් මිල පාරිභෝගිකයාට දරාගත නොහැකි බවත් පොල් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම්කර ඒ සදහා පාලන මිලක් නියම කළ යුතු බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා. (වීඩියෝව පහතින්)….

පොල් මිල ඉහළ ගොස් ඇත්තේ පොල් අස්වැන්න අඩුවීම හේතුවෙන් බවයි පොල් සංවර්ධන අධිකාරිය පවසන්නේ. සාමාන්‍යයෙන් සෑම වසරකම ජුලි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙම ගැටලුව ඇතිවනවා. මේ හේතුවෙන් පොල් මිල ඉහළ ගොස් ඇති අතර එය පාලනයට ක්‍රමවේද කිහිපයක් අනුගමනය කිරීමටයි රජය කටයුතු කර ඇත්තේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2020 19:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්