දීර්ඝ කාලයක් තිස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ සැළසුම් සහගත සොරකම් ගණනාවකට සම්බන්ධ අඹුසැමි යුවලක් පිලිබදව පොලිස් දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබෙනවා. අදාළ අඹුසැමි යුවල අත්අඩංගුවට ගැනීම සදහා ජනතා සහාය අවශ්‍ය බව පොලිස් දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
දිල්හානි කුමාරි සහ අසේල සදරුවන් යන නම්වලිනුයි මෙම අඹුසැමි යුවල පෙනී සිටින්නේ. මොවුන් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුන් ලෙස පොලිස් පොත්වලට එක්ව ඇති අතර දිවයිනේ සිදු වූ සොරකම් ගණනාවක් සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. 2013 වසරේදී කුරුනෑගල පොලිස් වසමේදී සිදු වූ නිමි ඇදුම් සොරකම මෙන්ම 2010 වසරේදී මිරිගම පොලිස් වසමේ නිවසක් බිද රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක් සොරකම් කිරීම ඇතුළු සොරකම් රැසකට මොවුන් සෘජුවම සම්බන්ධ බවයි පොලීසිය පවසන්නේ. කෙසේ වෙතත් පසුගිය 07 වන මස 11 වන දින දෙමටගොඩ ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැලකදී මොවුන් සොරකමක නිරත වන අකාරය සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණ අතර එය අද මාධ්‍ය වෙත නිකුත කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/6GVKtvmxiII”]