දේශීය හස්ත කර්මාන්තය වඩාත් ප්‍රචලිත කිරීමට නම් රටක් ලෙස අප එම නිෂ්පාදන පරිහරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
වේවැල්, පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, ජාතික ශිල්ප සභාව සමඟ ඒක්ව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහයෝගයෙන් සංවිධාන කර ඇති විශේෂ හස්ථ කර්මානත ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ඒක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ශිල්ප තර්ස් ඩේ යනුවෙන් නම් කර ඇති මෙම ප්‍රදර්ශනය සෑම බ්‍රහස්පතින්දා දිනකම බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී පැවැත්වෙනවා.
අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.
මේ අතර ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වන ගුණානුස්මරණය වෙනුවෙන් මහාබෝධි අග්‍රශාවක මහා විහාරයේ පැවති දානමය පිංකම සදහා ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වුණා. අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අග්‍රාමාත්‍යවරයා සමරු සටහනක් ද තැබුවා. ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමීන්වහන්සේ මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ද පිරිනැමුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/mnwoXgtpYMA”]