fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිධන් හෑරූ හතර දෙනෙකු උපකරණ තොගයක් සමඟ අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2020 16:17

නිධන් හෑරීමේ නිරතව සිටි පුද්ගලයින් හතර දෙනෙකු උපකරණ තොගයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.

ආනමඩුව , ඔට්ටුකුලම ප්‍රදේශයේ කැනීම් සිදුකරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. කුඹුරුයායක ඉපැරණි ගල් තලාවක අඩි 15 ක් පමණ ගැඹුරට කැනීම් සිදුකර තිබූ අතර ඒ සඳහා යොදාගත් ජල මෝටරයක් , වයර් තොගයක් හා තවත් උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඔට්ටුකුලම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2020 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්