fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදෙස් රටවල සිරවී සිටින ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට රජයේ අවධානය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2020 12:26

කොවිඩ් දහනවය වසංගතයෙන් ශ්‍රී ලංකාව සුරක්ෂිත බවට සෞඛ්‍ය අංශ නිර්දේශ ලබාදෙන තෙක් ගුවන් තොටුපොල විවෘත නොකරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙරට ගුවන් තොටුපොල පසුගිය මාර්තු මාසයේ සිට වසා දැමීමට රජය කටයුතු කළා. ගුවන්තොටුපොල විවෘත කිරීම සම්බන්ධයෙන් විවිධ කතාබහ ඇතිවූ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ අගෝස්තු 15 වනදා ගුවන් තොටුපොල විවෘත කරන බවයි. එහෙත් දේශීය වශයෙන් කොරෝනා වෛරසය පාලනය වී තිබුණ ද ගෝලීය වසංගත තත්ත්වය තවදුරටත් පැවතීම හේතුවෙන් එම තීරණය යළි කල්දැමුණා.

මේ අතර රජය ප්‍රමුඛත්වය ලබාදෙන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමට පමණක් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2020 12:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo