fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගලගොඩඅත්තේ හිමිට එරෙහි නඩුවෙන් සභාපති විනිසුරු නවාස් ඉවත් වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2020 12:07

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවක් විභාග කිරීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ එච් එම් ඩී නවාස් මහතා අද ඉවත් වුණා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ එච් එම් ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබුවා. නවාස් මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවයි. ඒ අනුව පැමිණිල්ල විභාග කිරීම සඳහා මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නම්කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අදාහන කටයුතුවලට අදාළව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කිරීම තුළින් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා. මෙම නඩුවේ වගඋත්තරකරුවන් වන මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව පැමිණිලිකාර පාර්ශ්වය ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔවුන් නඩු විභාගයෙන් මුදා හැරීමට අභියාචනාධිකරණය තීරණය කළා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2020 12:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්