fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තිදෙනෙකුට මරු කැඳවූ දිවුරුම්පිටිය රිය අනතුර

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2020 12:02

අවිස්සාවේල්ල පොලිස් වසමේ දිවුරුම්පිටිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අද අලුයම 3.30ට පමණයි මෙම අනතුර සිදුව ඇත්තේ. අවිස්සාවේල්ල දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ඊට පිටුපසින් පැමිණි ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදු වුණා. අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු සහ පසුපස ගමන් කළ පුද්ගලයන් දෙදෙනා බරපතල තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තිදෙනාම මියගොස් තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නැදුන්ගොල්ල සහ මණ්ඩාවල ප්‍රදේශවල පුද්ගලයන් තුන්දෙනෙකුයි. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අවිස්සාවේල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

කොළඹ රත්නපුර මාර්ගයේ පුස්සැල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් දහඅට දෙනෙකු තුවාල ලැබුවා. බලංගොඩ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් වෙනත් වාහන කිහිපයක් ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහන බස් රථයක ගැටී තිබෙනවා. අනතුරෙන් කාර්යාල බස් රථයේ ගමන් ගත් දහඅට දෙනෙකු තුවාල ලබා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඒ අතුරින් අට දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2020 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්