fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2020 12:21

වත්තේගම ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා. එක් සැකකරුවෙකු ළග තිබී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 160 ක් සහ අනෙක් සැකකරු තිබී හෙරොයින් ග්‍රෑම් 12 යි මිලිග්‍රෑම් 310 ක් සොයා ගෙන තිබෙනවා.

නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමේ දී කැලණිමුල්ල හංදිය ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 75 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 200 ක් සමඟ සැකකරුවෙකු මීගොඩ ප්‍රදේශයේදී ද අත්අඩංගුවට ගැණුනා. මීගොඩ පොලීසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකෙරුණේ.

මීටියාගොඩ , කලුපේ ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබූ ගිනි අවි සහ ජීව අත්බෝම්බ සොයා ගැනීමට විශේෂ කාර්ය බලකාය කටයුතු කළා. විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් , බෝර 12 ගිනි අවියක් , විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක් , මිලිමීටර් නවය සජීව පතරොම් 12 ක් සොයාගත් අවි අයුධ අතර වනවා.

මේ අතර ප්‍රදේශ රැසක සිදුකළ මෙහෙයුම්වලදී ගිනි අවි සමඟ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැණුනා. මැදවච්චිය , දික්වැල්ල , සීතාවකපුර ,යක්කලමුල්ල , කෑගල්ල යන ප්‍රදේශවලදී ගිනි අවි සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.

බලපත්‍ර නොමැතිව මත්පැන් බෝතල් හයසිය හැටක් ප්‍රවාහනය කළ දෙදෙනෙකු මන්නාරම නගරයේදී අත්අඩංගුවට ගැනුණා. මන්නාරම පොලීසියට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ.

මීටියාගොඩ පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මොටර් රථයක් ලුහුබැදගොස් ගංජා කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගෝනාපීනුවල , කුඹුලමලදෙණිය ප්‍රදේශයේදීයි ගංජා පාර්සලය සොයා ගැණුනේ. සැකකරු මෝටර් රථය ද දමා පලාගොස් තිබෙනවා. මෙම සැකකරු මීට පෙර ද ගංජා ජාවාරම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබාසිටින අයෙක්.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2020 12:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්