කෝට්ටේ නව නගරාධිපතිවරයා ලෙස අයි එම් වී ප්‍රේමලාල් මහතා පත්කෙරුණා.
හිටපු නගරාධිපති මධුර විතානගේ මහතා මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්වීම හේතුවෙන් හිස් වූ නගරාධිපති ධුරයටයි ප්‍රේමලාල් මහතා පත්කෙරුණේ. කෝට්ටේ මහ නගර සභාවේ අද පැවති විශේෂ මහා සභා රැස්වීමේ දී නව නගරාධිපතිවරයා කිසිදු විරෝධයකින් තොරව පත්වුණා.