fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නියෝජ්‍යකම මදිවී නායකයාම වෙන්න රුවන් අරඅඳියි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2020 19:28

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව එහි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශකර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකත්වයට පත් රුවන් විජයවර්ධන මහතා හුණුපිටිය ගංගාරම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. ඉන්පසුව ඒ මහතා මාධ්‍ය වෙත අදහස්  පළකරමින් සදහන් කළේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරන්නේ නම් තමන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාරගැනීමට සූදානම් බවයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගෙන් ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් අප විමසීමක් සිදුකළ ද ඔහු ඊට පිළිතුරක් ලබාදුන්නේ නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සදහා රුවන් විජයවර්ධන මහතා සමග තරග කළ රවී කරුණානායක මහතා අප කළ විමසුමක දී සදහන් කළේ මේ සම්බන්ධයෙන් ඉදිරි දිනක දී තම මතය ප්‍රකාශ කරන බවයි.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2020 19:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්