fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිකරණයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිදහස් වීමට හේතුව කොළඹ මහාධිකරණ විනිසුරු කියයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2020 18:11

හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැටලීම් සිදු කරන නිලධාරීන් අතින් සිදුවන දෝෂ නිසා මහපරිමාන හොරොයින් ජාවාරම්කරුවන් නිදහස් වී යාම කණගාටුදායක තත්ත්වයක් බව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විවෘත අධිකරණයේදී අද සදහන් කළා.

2012 වසරේ හෙරොයින්  මත්කුඩු ග්‍රෑම් 198 දශම එකයි නවයක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි මෙරිඤ්ඤගේ ධනසිරි නැමැති විත්තකරුවෙකු නිදොස්කොට නිදහස් කරමින් මහාධිකරණ විනිසුරුවරයා මේ බව සදහන් කළා. පරස්පර සාක්ෂි මෙන්ම සටහන් යෙදීමේදී තිබූ දුර්වලතා හේතුවෙන් චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට අපොහොසත් වී ඇති බව බවද මහාධිකරණ විනිසුරුවරයා පැවසුවා.


මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රදවා ගැනීම  නීතිවිරෝධී බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණ වෙතින් ඉල්ලා අස්කර ගැනුණා. ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි පෙත්සම කැඳවනු ලැබුවේ.


අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේෂ්වරන් සහ එම පළාත් සභාවේ හිටපු අමාත්‍යවරියක වන ආනන්දි ශෂිධරන් යන අයට එරෙහිව ගොණු කර ඇති පැමිනිල්ලක් අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනුණා. ඒ මහින්ද සමයවර්ධන හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුනගෙන් සමන්විත අභයාචනාධිකරණ විනිසුරු මඩුල්ලල ඉදිරියේයි. උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වන බී.ඩෙනීෂ්වරන් මහතායි නඩුව ගොණුකර ඇත්තේ. අභියාචනාධිකරණය දුන්   නියෝගයක් උල්ලංඝණය කිරීම තුළින් අධිකරණය අපහාසකළේ යැයි චෝදනා කරමින් නඩුව  පවරා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2020 18:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්