fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රණවිරුවන් දඩයම් කරන්න ශානිත් නිශාන්තත් නීතිපති රවට්ටපු හැටි හෙළිවේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2020 18:03

යහපාලන ආණ්ඩුව සමයේ රණවිරු දඩයම ක්‍රියාත්මක කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙන්ම පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු නිලධාරීන් සාක්ෂි විකෘතිකර නීතිපති දෙපාර්තමේන්තුවට කරුණු දක්වා ඇති බව අද අනාවරණය වුණා. ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ නාවික හමුදාවේ කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීයි.

2008 වසරේ දී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව තමා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලන බලපෑම් මත සිදුකර ඇති බවටයි සුමිත් රණසිංහ මහතා පැමිණිලි කර ඇත්තේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යහපාලන ආණ්ඩුවේ දේශපාලන වුවමනා මත සාක්‍ෂි විකෘති කර සිදුකළ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස තමා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත් බවද ඒ මහතා පෙන්වා දුන්නා. නාවික හමුදාවේ එවක සේවය කළ ලූතිනන් කමාන්ඩර් වෙලගෙදර නමැත්තා තමා සමග දැඩි වෛරයකින් කටයුතු කළ බවත් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව අසත්‍ය සාක්‍ෂි නිර්මාණය කිරීම සදහා එම නිලධාරියා කටයුතු කර ඇති බවත් සුමිත් රණසිංහ මහතා සදහන් කළා. කොටුව මහේස්ත‍්‍රාත්වරයාගේ අවසරය ඇතිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙලගෙදර නම් නිලධාරියාගෙන් ප‍්‍රකාශ සටහන්කර ගැනීමේ දී තමන්ට අසාධාරණයක් සිදුවූ බවයි ඒ මහතා කියා සිටියේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2020 18:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්