fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අතුරුදන් වූ පාසල් සිසුවියක් බස් නැවතුම්පොලකින් හමු වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2020 17:03

අතුරුදන් වූ බවට වාර්තා වූ මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා පාසලක හත්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියක් මහනුවර බස් නැවතුම්පොලක සිටියදී පොලීසිය සොයාගෙන තිබෙනවා.

නිවසේ සිටියදී අද පෙරවරු හයයි හතලිස් පහට පමණ මෙම සිසුවිය අතුරුදන්ව තිබුණා. නොදන්නා අයෙකු පැමිණ තම හිසට පිස්තෝලයක් තබා ඔහු සමග නොපැමිණියහොත් දෙමව්පියන් ඝාතනය කරන බවට තර්ජනය කළ බව සඳහන් කරමින් සිසුවිය ඇයගේ සොහොයුරියට ලියා තැබූ ලිපියක් ද දෙමව්පියන් පොලීසියට භාරදී තිබෙනවා. අතුරුදන්වූ සිසුවිය සතුව තිබූ ජංගම දුරකතනයේ සංඥා මගින් ඇය සිටින ප්‍රදේශය සොයා ගැනීමට පොලීසියට හැකිවුණා. පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ පැහැරගැනීමට ලක්ව නොමැති බවයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2020 17:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්