නැවත අරඹමු මහමග විනය මැයෙන් ඊයේ ආරම්භ කළ මංතීරු නීතිය දෙවන දිනටත් අද ක්‍රියාත්මකයි. ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා මංතීරු නීතිය හෙට සිට ක්‍රියාත්මක බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ.
ප්‍රධාන මාර්ග 04 ක් ඔස්සේ මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ විශේෂ වැඩසටහන ඊයේ ආරම්භ කෙරුණා. ලබන බදදා වන තෙක් පෙරවරු 06 සිට පෙරවරු 10 තෙක් එය ක්‍රියාත්මකයි.
මංතීරු නීතිය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක වන්නේද යන්න සොයා බැලීමට රථවාහන පොලිසිය නිරන්තර අධීක්ෂණයෙන් පසුවනවා. නීතිය පිළිපදින්නේ නැති රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි සියලු පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබෙන්නේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද දිනයේ රාජගිරිය ආයුර්වේද වටරවුම අසලට පැමිණ මංතීරු නීතිය ක්‍රියාත්මක වන අකාරය නිරීක්ෂණය කළා.
මේ අතර බස් මංතීරුවලට යතුරු පැදි හා ත්‍රිරෝද රථ ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරන්නේ.