fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපානයේ පාලක නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නව නායකයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2020 09:21

ජපානයේ පාලක නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නව නායකයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ සෞඛ්‍ය හේතූන් මත පසුගිය මාසයේදී ධුරයෙන් ඉල්ලා අස්වන බවට නිවේදනය කළා. ඒ හේතුවෙන් පාලක නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නව නායකයෙකු තෝරා පත් කර ගැනීමට සිදුව ඇති අතර පක්ෂයේ නායකත්වයට තේරී පත්වන පුද්ගලයා එරට අග්‍රාමාත්‍ය ධුරයට ද සුදුසුකම් ලබනවා. අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේගේ සමීපතමයෙකු වන ප්‍රධාන කැබිනට් ලේකම් තනතුර හොබවන යොෂිහිඩේ සුගා හට නායකත්වය හිමිවනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේගේ ආර්ථික ප්‍රතිපත්ති තම නායකත්වය යටතේද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය තරගයට එක්වෙමින් පසුගිය සතියේදී ඔහු ප්‍රකාශ කර සිටියා. අද නායකත්වයට තේරී පත්වන පුද්ගලයා 2021 වසරේ සැප්තැම්බර් මස දක්වා තනතුරේ රැඳී සිටීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2020 09:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්