fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාවේ ප්‍රාදේශීය මැතිවරණය අද

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2020 16:38

රුසියාවේ ප්‍රාදේශීය මැතිවරණය අද පැවැත්වුණා.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට කාලයක් තබා මෙම ප්‍රාදේශීය මැතිවරණය පැවැත්වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් පුරෝකතනයක් සිදු කිරීමට මෙම ප්‍රාදේශීය මැතිවරණය ඉවහල් වනු ඇති බවයි විශ්ලේෂකයන් පවසන්නේ. විපක්ෂයේ නායකයෙකු වන ඇලෙක්සි නවල්නි හට වස ලබා දීමේ සිද්ධියක් මෙන්ම රුසියාවේ පවතින ආර්ථික අර්බුදය ද ඡන්දවිමසුම කෙරෙහි විශාල බලපෑමක් එල්ල කරනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. රුසියාවේ ප්‍රාන්ත 41 ක මෙම ඡන්ද විමසුම පැවැත්වෙනවා. ප්‍රාදේශීය ආණ්ඩුකාරයන් පත්කරගැනීමට මෙම ඡන්ද විමසුම ඉවහල් වනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2020 16:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්