fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සරත් ඍතුවේ චීනයේ ෂියෑන් ප්‍රදේශයට ප්‍රථම වරට හිම වැටීම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2020 14:50

වයඹ දිග චීනයේ ෂියෑන් ජීයෑන් ප්‍රදේශයට සරත් ඍතුව සඳහා ප්‍රථම වරට හිම වැටීම ආරම්භ වී තිබෙනවා.

හිම වැටීම ආරම්භයත් සමග ඉතා රමණීය දර්ශනයක් දැක ගැනීමට ලැබෙමින් තිබෙනවා. පවතින හිම සහිත කාලගුණය නිසා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ද ෂියෑන් ජීයෑන් බලධාරීන් කටයුතු කරනවා. ප්‍රදේශයේ විදුලි සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා ද වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි බලධාරීන් සඳහන් කළේ. ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක බිංදුව දක්වා පහත වැටී තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ ඇතිවිය හැකි සිසිල් රැළි පිළිබදව අවධානයෙන් පසුවන ලෙසද ජනතාව වෙත චීන කාලගුණ අංශ දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2020 14:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්