fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෝර 12 ගිනි අවි දෙකක් සහ පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2020 09:32

හලාවත මුගුණුවටවන ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී බෝර 12 ගිනි අවි දෙකක් සජීවි පතොරම් 17 ක් , හිස් පතොරම් 15 සහ කඩුවක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.

ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතයි මෙම මෙහෙයුම සිදු කෙරුණේ. අත්අඩංගුවට ගත් සැකකරු 58 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්. ඔහු හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2020 09:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්