fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩොලර් බිලියනයක විදේශ විනිමයක් ක්‍රීඩාවෙන් ගේන්න ඇමති නාමල් සූදානමින්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2020 12:11

ඉදිරි වසර පහේදී ඇමෙරිකා ඩොලර් බිලියනයක විදේශ විනිමය උපයන තත්ත්වයකට මෙරට ක්‍රීඩාව පත් කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

දියමත ලිස්සායාමේ ජාතික තරගාවලියක් සැප්තැම්බර් 26 හා 27 දිනවලදී ආරුගම්බේ වෙරළ තීරයේ දී පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇති බවද මෙම මාධ්‍ය හමුවේදී හෙළි කෙරුණා. සැප්තැම්බර් 27 වන දිනට යෙදෙන ලෝක සංචාරක දිනයට සමගාමීව මෙම තරගාවලිය සංවිධාන කරන්නේ ලංකා ස්පෝර්ට්ස් ට්‍රීසින් සමාගමයි. ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශීකයින්ට මෙන්ම ශ්‍රී ලාංකිකයින්ට ද මෙම තරගාවලිය සදහා එක්විය හැකියි. මාධ්‍ය හමුවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද එක්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2020 12:11

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්