නිව් ඩයමන්ඩ් නෞකාව ආශි‍්‍රතව අද (12) දිනයේදීත් මෙහෙයුම් කටයුතු සිදුකරන බව නාවික හමුදාව ප්‍රකාශ කළා. ඒ කිමිඳුම්කරුවන් යොදා ගනිමින්.
නැවේ සිදුවූ තෙල් කාන්දුව සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. නැව යාත්‍රා කිරීම සඳහා යොදාගත් ඉන්ධන ජලයට එක්විය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ. එම තෙල් සහ ජල සාම්පල රස පරික්ෂක දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර තිබෙනවා. ලබන සතිය වනවිට එහි වාර්තාව ලබාගත හැකි බවයි සමුද්‍රීය පරිසර අධිකාරිය ප්‍රකාශ කළේ.
නෞකාවේ කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්නා.
මේ වනවිට නෞකාව මඩකලපුවේ සිට නාවික සැතපුම් 50 ක් දුරින් රඳවා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළේ.