එක්සත් ජාතික පක්ෂයට හා අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර දෙක සදහා තවමත් කිසිවෙකු නම් නොකිරීම ගැටළු රැසකට මග පාදා තිබෙනවා. මේ සම්බන්ධයෙන් එම පක්ෂ දෙකට තවමත් නිසි තීරණයක් ගැනීමට හැකියාව ලැබී නැහැ.
මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට එක් මන්ත්‍රීධූරයක් හෝ දිනා ගැනීමට නොහැකි වූ අතර ඔවුන්ට හිමිවූයේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් පමණයි. අපේ ජන බල පක්ෂයට ද ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් හිමිවුණා. එම පක්ෂ දෙකම මන්ත්‍රීධූර දෙක සදහා මෙතෙක් කිසිවෙකු නම් කර නැති අතර පක්ෂ දෙකෙහි හටගත් අභ්‍යන්තර අර්බුද ඊට බලපා තිබෙනවා.
ජනතාව එම පක්ෂ දෙකට ලබාදුන් ඡන්දයට සාධාරණයක් ඉටුවී නොමැති තත්ත්වයකුයි ඇතිව තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේ මන්ත්‍රීධූරයට පුද්ගලයෙකු නම් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවයි. මේ අතර මෙම මන්ත්‍රීධූර දෙක සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගෙන් අප විමසීමක් කළා. එහිදී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ අදාළ මන්ත්‍රීධූර දෙක සදහා නම් යෝජනා වී ගැසට් කිරීමක් තවමත් සිදුව නොමැති බවයි. කෙසේවෙතත් එසේ ගැසට් කළහොත් මාස තුනක කාලයක් ඇතුළත එම පුද්ගලයන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ දිව්රුම් දිය යුතු වනවා.