fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන වසරේ දී ටෝකියෝ ඔලිම්පික් උලෙළ පැවැත්වීම ස්ථිරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2020 10:03

කුමන ගැටලුවක් පැන නැගුන ද එළඹෙන වසරේ දී ටෝකියෝ ඔලිම්පික් උලෙළ අනිවාර්යයෙන් පවත්වන බව ජපානයේ ඔලිම්පික් අමාත්‍ය සෙයිකෝ හෂිමොටෝ නිවේදනය කරනවා.

කොරෝනා වෛරසයේ බලපෑම පිළිබද නොව ක්‍රීඩකයින්ගේ අභිවෘද්දිය ගැන සිතා ඔලිම්පික් උලෙළ අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවයි ඔහු මාධ්‍ය හමුවේ පවසා සිටියේ. වෛරස ව්‍යාප්තියත් සමගම මෙම වසරේ පැවැත්වීමට තිබූ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ දෙදහස් විසිඑක වසරේ ජුලි මාසය දක්වා කල් දැමීමටයි බලධාරීන් පියවර ගත්තේ.

වෛරස ව්‍යාප්තිය ක්‍රමිකව අඩාල නොවූවද එළඹෙන වසරේ දී ඔලිම්පික් උලෙළ පැවැත්වීමට සූදානම් බවයි සංවිධායකයින් ඔලිම්පික් කමිටුව වෙත දන්වා ඇත්තේ.  මේ අතර වෛරස ව්‍යාප්තිය මධ්‍යයේ ක්‍රීඩා උලෙළ නිවැරදිව පැවැත්විය යුතු ආකාරය පිළිබදව ජනතාවගෙන් අදහස් හා යෝජනා ලබාගැනීමට ද සංවිධායක කමිටුව පියවර ගෙන තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2020 10:03

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්